💘💟ආදරය කරන්න බැරිනමි💔.ආදරය නොකර ✋

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


ප්‍රේමය නම්......❤️❤️❤️

එය කොලඹ නගරයට ආසන්නව පිහිටි අවන්හලකි. සෙනුරි  අනූප සමග එම අවන්හලට ගොඩවූයේ අනූප අද දින උදෑසන ආහාරයද නොගෙන සිටි නිසායි. සෙනුරි අනූප සමග විවාහවූයේ මීට මාස තුනකට ප්‍රථම වූ අතර ඒ ඉතා කෙටි කාලීන ප්‍රේමයකින් පසුයි.

අනූපට හොඳටම උණ ගැනී ඇති බව සෙනුරිට දැනුනේ අද උදෑසන ඔහු අවදි කිරීමට ගිය වෙලාවේ. උණ නිසාම අනූප උදේ කෑමද ප්‍රතික්ශේප කර තිබුණි. සෙනුරි වහාම අනුපද සමග වෛද්‍යවරයා හමුවීමට පැමිණි අතර වාහනයද පැදවූයේ අද සෙනුරි විසිනි. ඇයට රියදුරු බලපත්‍රයක් හිමි බවද අනුප දන්නේ අදයි.

සෙනුරිට ⁣ කලින් අනුපගේ ප්‍රේමය වූයේ සංජනායි. සෙනුරි මෙන් නොව ඇය ඇඳුමින් පැලඳුමින් මෙන්ම හැසිරීමෙන්ද නගරබද පොහොසත් තරුණියකගේ ලක්ෂණ ප්‍රකට කළාය. සරලවම කියනවා නම් ඇය ⁣"පොෂ්" කෙල්ලෙකි. සෙනුරි තරම් රූප සම්පත්තියක් නොවූවද ඇය තම රූපය ගැන උවමනාවටත් වඩා සැලකිලිමත් බව විටෙක අනූපට වුවද සිතී ඇත. සෙනුරි ලඟ තිබූ අහිංසක පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් සරාගී පෙනුමක් ඇයට හිමි විය. අවසායේ ඇය අනූප අතහැර ගොස් මිල මුදලින් ඉතා පොහොසත් ව්‍යාපාරිකයෙකු හා විවාහ විය.

 සංජනාගෙන් පසු ස්ත්‍රී වර්ගයා කෙරෙහිම කලකිරුනු අනූපට සෙනුරිව හමු වන්නේ මිතුරෙකු මාර්ගයෙනි. ඔහු සෙනුරි පිලිබඳ සිතන්නේ මිතුරාගේ දැඩි ඉල්ලීම මතයි.
"අඩුම තරමෙ සංජනා වගේ දුකක් නොදී ඉදියිනෙ" ⁣සෙනුරි පිලිබඳ ඔහුට ඇති වන්නේ එවන් හැඟීමක් පමණි. එම හැඟීම නිසාම එය විවාහයක් දක්වා දුර ගියද සෙනුරි පිලිබද විශේෂ සෙනෙහසක් නම් තවමත් ඔහු සිතේ ඉපදී නැත. අනූපගේ අතීතය පිළිබඳ සියළු තතු දැන සිටි සෙනුරිද මුවින් වදනක් නොකියා කාලයට ඉඩදී බලා සිටියේ ඇය තුල අනූප පිලිබඳ දැඩි සෙනෙහසක් තිබුන  නිසාමයි.

"අයිය... එන්න... ඔයා උදේ ඉඳං මුකුත් කාල නෑ.... අපි මොනවහරි කමු....."

අනුපට එසේ පැවසුවද සෙනුරි ද අද බඩගින්නේ සිටි බව ඔහු දනියි. අනුප අසලම පුටුවක වාඩි වූ ඇය අනූප ආසම විදිහට කෑම ඇනවුම් කලාය. වේටර්වරයා පිටව ගිය පසු නැවත අනූපගේ නලලට අත තියා බැලුවාය. අනූපට මතක ඇති හැටියට මේ ඇය අද දින ඔහුගේ නලලට අත තබා බැලූ එකසිය දෙවනි පාරයි.

"කෑම කාල බෙහෙත් ටික බීලම යමු අයිය.... ගෙදර ගිහිං ටිකක් නිදා ගන්න...ම්..."

"හ්ම්..."

සුළු මොහොතකින් වේටර්වරයා සෙනුරිගේ ඇනවුම ගෙන ආ අතර සෙනුරි විසින්ම අනූප හට කෑම කැව්වේය. කටවල් දෙක තුනක් කන විටම අනූප එක වරම වමනය කලේ උණ නිසා ඇතිවූ අප්පිරියාව නිසායි. ඔහුගේ පමණක් නොව සෙනුරි ඇඳ සිටි ඇඳුමද අනූපගේ වමනයෙන් නැහැවිනි.

අවන්හලේ සිටි සියළු ⁣දෙනාම ඔවුන් දෙස බලා සිටියදී කිසිවක් සිදු නොවූ ගානට ඉතා සන්සුන්ව සෙනුරි අනූපට වතුර පෙව්වාය.

"හරි හරි අයිය.... මුකුත් උනේ නෑ... උණ නිසා වමනෙට එන්න ඇති.... තව දාන්න ඕනි නම්..... ම්... ඕක ගියාම අමාරුව අඩුවෙයි...."

සෙනුරි පැවසුවේ අනූපගේ පිට අතගාමිනි. ටික මොහොතක් එසේ සිටි ඇය අවන්හගල් වේටර් වරයා ඇමතීය.

"එස්කියුස්මී අයිය.... වොෂ් රූම් එක කොහෙද...."

"අර පැත්තෙ මිස්...."

"තැන්ක්ස්...."

ඇය අනූපවද වත්තම් කරගෙන වොෂ් රූම් එකට ගොස් ඔහුගේ ඇඳුම් පිරිසිදු කලාය. අනූපගේ නෙතට කඳුළු ඉනුවේ අතීතය සිහි වීමෙනි.

පෙර දිනක අනූප අසනීප වී සිටි දිනක සංජනා ඔහුට ඇමතුමක් දී තමා හමුවන ලෙස පැවසීය.

"හලෝ.... අනූප... අද දහය වෙද්දි මං එම්.සී එකට එනව ඔයත් එන්න ....."

"මට හොඳටම උණ සංජු....."

"ඒව මං දන්නෑ.... මං විනාඩි දහයක් බලල යනව...තෙනූලගෙ ගෙදර පාටියක් තියනව... මං කතා කලොත් තමා ඔක්කොම ලෙඩ...හොඳට ඇඳගෙන එන්න... ගොඩයෙක් වගේ නැතුව..."

එදිනද සුපුරුදු පරිදි සංජනා ගේ කටුක වචන ඔහුගේ හිත පෑරුවේය. ඔහු උදේටත් නොකා නිවසින් පිට වූ අතර සංජනා සමග ඇගේ මිතුරියගේ පාටියට ගියේය. අතරමගදී ඔහු ඇඳ සිටි ඇඳුම ගැන දොස් නැගීමටද ඇය අමතක නොකලොය.උදේ සිට උණ ගැනීසිටි අනූපගේ ඇඟද වෙව්ලන තරමටම උණ වැඩි වුවද සංජනාට නම් ඒ පිලිබඳ වගේ වගක් නැත. ඇය තම මිතුරු මිතුරියන් හා විනෝදවෙයි.

"අනූප... එන්න ඩාන්ස් කරන්න..."

"අනේ... මට අමාරුයි සංජු.... ඔයා යන්නකො....."

"මේ... නිකං බොරු කරන්න එපා හලෝ.... ඔය මං ඇඳුමට ඒව මේව කිව්වටනෙ...."

"අනේ නෑ සංජු ඇත්තමයි...."

එසේ පවසනවාත් සමග අනූප අත වූ බීම වීදුරුව සංජනා ගේ ඇඟේ හැලුනි.

"ඊයා....අනූප...ඔයා මොනාද මේ කලේ... මගෙ අළුත්ම ඩ්‍රෙස් එක.... ඒ මදිවට ඔයා උණ තියං බිවිව ඩ්‍රින්ක් එක නේ ඔය.... දැං මටත් බෝ වෙයි.... චිකේයිය..... එන්න බැරිනම් ගෙදර ඉන්න තිබ්බනෙ....."

"අනේ සොරි සංජු .... මගෙ ඇඟම වෙව්ලනව.....ඒකයි එහෙම වුනේ....."

අනූප වචන ගැලපුවේද අමාරුවෙනි.

" දැං ඉතිං යනව යන්න.... මං කොහොම හරි ගෙදර යන්නං.....වද දෙන්න ආව මෙතන....."

සංජනාගේ මිතුරු මිතුරියන් ඉදිරියේ අසරණ වූ අනූප එතනින් පිටත් වූයේ දෑසේ කඳුළු පුරවගෙනයි.

"ඇයි අයිය ඇස්වල කඳුළු..... ඔයාට අමාරුද.... "

අනූප පියවි සිහිය ලද්⁣දේ සෙනුරි ගේ කටහඬිනි. සංජනා සමග බලන කල සෙනුරිගේ හදවතේ ඇති තෙතමනය කෙතරම්දැයි අනූපට හොඳින්ම වැටහී තිබුණි.

"එන්නකො.. මේ බේත් ටික බීල අපි ඉක්මනට ගෙදර යං....."

සෙනුරි තම අත් බෑගයේ දමා තිබූ බෙහෙත් ගෙන ඒවායින් බෙහෙත් පෙති කිහිපයක් සමග වතුර බෝතලයද ගෙන බෙහෙත් ටික අනූපට පෙව්වාය. මුහුණ ඇද කරමින් බෙහෙත් බොන අනූප දුටු සෙනුරිගේ මුවට මදහසක් නැගිනි.

"⁣පොඩි දරුවෙක් වගේනෙ...."

මුවින් නොකියා ඇය සිතින් පමනක් සතුවාය.

තමාගේ ඇඳුමද පිරිසිදු කරගත් ඇය ⁣අනූප ඇමතුවාය.

"දැං යං නේද අයිය..... ම්... යන්න පුළුවන්ද ඔයාට...."

එසේ පවසනවාත් සමගම අනූප සෙනුරිව වැලඳ ගත්තේ උතුරා යන සෙනෙහසිනි. තමාගෙන් ඇයට කිසිදු අඩුවක් නොවුවද මෙතෙක් කල් ඇය වෙනුවෙන් දිය යුතු වැදගත්ම දෙය වූ ආදරය සෙනෙහස ඇයට දීමට අමතක වූ බව සිහි වූ විට ඔහුට දැනුනේ ඔහු පිළිබඳවම කලකිරීමකි. සියළු දේ ඉවසාගෙන නිහඬව සිටි ඇය පිලිබඳ  අසීමිත ගෞරවයකි, ආදරයකි.

"මට සමාවෙන්න මැනික...."

ඔහු කීවේ එපමනකි. එහෙත් ඔහුට කීමට ඇති සියල්ල එම වචන තුන තුල විය.

"අනේ සොරි.... මට අමතකුනා...."

එක වරම සෙනුරිව තමාගෙන් ඈත් කල ඔහු පැවසුවේය.

"මොනවද...."

"මට උණනෙ...."

"ඉතිං...."

"ඔයාටත් බෝවෙයි... ඔයාගෙ ඇඟේ වමනෙත් ගෑවුන..."

සෙනුරිට සිනහ පහලවිය.

"අයිය දන්නවද මට පොඩි කාලෙ චිකන් ෆොක්ස් හැදුන මගෙ ආච්චි අම්ම තමයි මගෙ ලඟ හිටියෙ....."

"ඉතිං...."

"මං අහල තිබ්බ ඒ ලෙඩෙක් ඉන්න ගෙදරකට ගියත් ඒ ලෙඩේ බෝ වෙන්න පුළුවන් කියල.... ඉතිං මං ආච්චි අම්මගෙන් ඇහුව ආච්චි අම්ම මං ලඟම ඉඳල මේ ලෙඩේ බෝ වෙයි නේද කියල.... ඔයා දන්නවද එයා මට දුනුනු උත්තරේ...."

"මොකක්ද....."

"පුතේ... අපි ආදරේ කරන කෙනෙකුට අසනීපක් හැදුනම එයා ලඟ ඉඳං ආදරෙන් හිත හොඳින් සාත්තු කරන කෙනෙකුට කවදාවත් එහෙම ලෙඩ බෝ වෙන්නෙ නෑ කියල එයා කිව්ව..... ඒ හින්ද බය වෙන්න එපා.... මට බෝ වෙන එකක් නෑ....."

එසේ පවසා සුපුරුදු සුන්දර හසරැල්ල අනූපට හෙලූ ඇය තම අත් බෑගය අතට ගෙන ඔහුගේ අතකින් අල්ලා ගත්තාය.

"අපි යං අයිය...."
**************************************

සිතන්නට යමක්....

යමක් අප කෙරෙන් ඈත් වී හෝ අහිමි වීමෙන් කියවෙන්නේ එයට වඩා වටිනාකමින් වැඩි දෙයක් අපට ලැබීමට ඇති බව හැඟවීමකි.

ආදරය යනු දෑත් පටලා උයන් කොන හෝ තනායමක් තුල හුවමාරු කරගනු ලබන දෙයක් නොව, දුක සතුට බෙදා ගනිමින් අසරණ වූ තැන ද අත නොහැර හුස්ම හා බැඳී ජීවිත මග තරණය කරීමයි. 💗💗💗
################################

යාළුවනේ... ඔයාලට සංජනාල ⁣⁣වගේම සෙනුරිලත් ඕන තරම් හම්බෙලා ඇති. ඒ වගේම තමා මේක ගෑනු ලමයින්ට විතරක් නෙමේ පිරිමි ලමයින්ටත් අදාලයි.. ආදරය කියන්නෙ අනිත් කෙනාගෙ හිත කියවන එකට... අනිත් කෙනාගෙ දුක සතුට, ⁣වේදනාව වගේම ලෙඩක් දුකක් පවා කියන්න කලින්ම තේරුම් ගන්න එක.... ආදරේ කරන්න කලින් හිතේ තෙතමනයක් මනුස්සකමක් තියන මනුස්සයෙක් වෙන්න... එහෙම නැති කෙනෙකුට ආදරේ කරන්න බෑ... කරනව කියල කිව්වොත් ඒක බොරුවක්.. අවබෝධයෙන් ආදරය කරන්න... අනික් කෙනාට වේදනාවක් නොදී  උදව්වක් පිලිසරණක් වෙන්න.....එහෙම බැරි නම් තව හිතකට ලං නොවී ඉන්න....

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI