—(••÷[බ්ලොක් කරන්නට පෙර මොහොතක් සිතන්න ]÷••)—

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
බ්ලොක් කරන්නට පෙර මොහොතක් සිතන්න... 😔 ලස්සන කෙටි කතාවක් 👇
"එහෙම කරන්න එපා මගෙ සුදු අයියේ.මම මගෙ පණටත් වඩා ඔයාට ආදරෙයි.මට සමාවෙන්න මම ඔයාව සැක කළා නෙමෙයි.ඔයා නැතිවෙයි කියල බයටයි මම එහෙම කිව්වෙ.අනේ ෆෝන් එක තියන්න එපා අයියෙ.මම කියන දේ ටිකක් අහන්න.මාව තේරුම් ගන්න."
"ශානි මට තමුසෙ කියන කිසිම දෙයක් අහන්න ඕනෙ නෑ.දැන් බලාගන්නව මම තමුසෙට කරන දේ.මම තමුසෙව බ්ලොක් කරනව.තමුසෙව බ්ලැක් ලිස්ට් දානව.තමුසෙත් එක්ක ඉන්න ප්රොෆයිල් පික්චර් එකත් වෙනස් කරල තමුසෙව රිද්දන හැටි බලනව."
රoග එහෙම කියලා ෆෝන්එක එකපාරටම කට් කළා.ශානි ඉකිගගහ ආයෙත් රoගට කෝල් කළා.කිව්ව වගේම ශානිව බ්ලැක් ලිස්ට් දාල.ශානි කදුලු කැට අතරින් අවුරුදු හතරක අතීතයට ගියා.අනේ ඒ දවස්වල මගෙ අයිය මට කොයි තරම් නම් ආදරේ කළාද?මම අඩද්දි මාව ළගට අරන් ඔලුව අතගාන්නෙ මගෙ තාත්ත වගේ.එයා කනකල් මේ පිස්සිත් නොකා බලන් ඉන්නව කියල දන්න නිසා මොන වැඩේ තිබ්බත් මට කෝල් කරල අපි දැන් බයි කමු කියල ඉක්මණට කෑම කනව.ඒත් දැන්?මම දන්නව එයා මට තවමත් ඉස්සර වගේම ආදරෙයි.ඒත් ඒ ආදරේ කොහේදෝ හැන්ගිලා.
දැන් එයාට මගෙත් එක්ක කතා නොකර දවස් ගණන් ෆෝන් ඕෆ් කරන් ඉන්න පුලුවන්.මම කෑවත් නැතත් එයාට ගානක් නෑ.ඉස්සර වගේ රණ්ඩුවෙලා යාලුවෙන්නෙ නෑ.දවස් ගණන් තරහ හිතේ තියන් ඉන්නව.ඒත් මට ඇයි එයා වගේ ඉන්න බැරි.ශානි මෙහෙම හිත හිත ඉන්නකොටම"සිව් වසරක පෙම් ගීතය ඇවිලිලා ගියාදෝ"එහා ගෙදර කැසට් එකෙන් ඇහෙනව.ශානිගෙ කම්මුල් දෙක කදුලුවලින්ම සේදිලා යනව.
මේ තුන්වෙනි වතාව.මීට කලිනුත් දෙපාරක්ම ශානි එක්ක මේ විදියට තරහ වෙලා දවස් ගණන් ෆෝන් ඕෆ් කරල තියෙනව.ඒ හැම වතාවකම ශානි උදේම රoග වැඩට යන වෙලාවට රoග යන පාරට ගිහින් රoග එනකල් බලන් ඉදල බයික් එකට පනින්නේ රoගව යාලු කරගන්න."අනේ මට සමාවෙන්න අයියෙ.මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයා නැතිව මට ඉන්න බෑ."ඒ වෙලාවට කොයි තරම් තරහ හිතේ තිබුණත් ඒ ඇස් දෙක දැක්කම රoගගෙ හිත ඇතුලෙ ශානි ගැන සැගවුනු ඒ පුදුම ආදරේ එලියට එනව.
"නගිනව බයික් එකට මම ගෙදරට එක්කන් යන්න.උදේම පාරවල් දිගේ අඩ අඩ දුවගෙන එනව මෙතන.ඔච්චර ආදරෙයි නම් ඇයි රණ්ඩු වෙන්නෙ.මම ඔෆිස් එකට ගිහින් ෆෝන් එක ඔන් කරන්නම්."රoග එහෙම කියල ශානිව ගෙදරට ඇරලවල ඔෆිස් එකට ඇවිත් ෆෝන් එක ඔන් කරල ඉස්සර වගේම ශානිත් එක්ක ගොඩාක් ආදරෙන් ඉන්නව.
ඇත්තටම රoගව තෙරුම් ගන්න ගොඩාක් අමාරුයි.එයා කාටවත්ම සෙකන්ඩ් වෙන්න නම් කැමති නෑ.හැබැයි හිත ඇතුලෙ ආදරේ පිරිල.ඒත් එයා ඒ ආදරේ පෙන්නන්න කැමතිම නෑ.
මේ වතාවෙත් දවස් දෙකක් වෙලත් රoග තවම ශානිව බ්ලැක් ලිස්ට් දාල.ශානිට හරියට කෑමක් කන්න බෑ.පාඩම් කරන්න බෑ.හැම මොහොතෙම ඒ ඇස් දෙක ඒ මූණ මතක් වෙනව.ඒ කටහඩ ඇහෙනව.සැරින් සැරේ බ්ලැක් ලිස්ට් එකෙන් අයින් කරලද කියල බලනව.දෙන්නගෙ ෆොටෝ දිහා බලනව.විද්යා පීඨයේ ඉගෙන ගන්න ශානි අද ගෙදර එන දවස.වෙනදට නම් රoග ශානිව ගන්න මගට එනව.කොයිතරම් දුරක් ගෙවන් ආවත් කොයි තරම් මහන්සි වුනත් කොයි තරම් හවස් වුනත් ශානි අද කොහොම හරි රoගගෙ ඔෆිස් එක ළගට ගිහින් බයික් එක නවත්තල එයාව යාලු කරගන්න හිතාගත්ත.
ඉතින් ශානි ගෙදර යන්නෙත් නැතුව ලොකු බෑග් එකත් පිටේ එල්ලගෙනම රoගගෙ ඔෆිස් එක ළගට ආව.ශානිට රoගව දකිනකල් ඉවසිල්ලක් නෑ.දවල්ට කාලත් නැති ශානිට එක සැරේම කැරකෙනව වගේ දැනුන.එහෙමම පාර මැද්දෙ ඇදන් වැටුණු ශානිව බේරගන්න ඉස්සරහින් ආපු ලොරිය බ්රේක් ගැහුව.ඒත් ශානිගෙ ඔලුව එහා පැත්තෙන් ආපු බයික් එකේ වැදුණ.එලියෙ කලබලයක් වගේ නිසා රoගගෙ ඔෆිස් එකේ කට්ටියත් දුවන් ආව බලන්න.සෙනග මැද්දෙන් ඉස්සරහට ආපු රoගට එක සැරේම කෑ ගැහුණ.ආපහු පේන්නවත් එන්න එපා මගෙ ජීවිතෙන් යන්න කිව්ව ශානි අද රoග කිව්ව වගේම යන්න ගිහින්.හැබැයි ආපහු නොඑන්නම.රoග ශානිව බදාගෙන අඩනවා."ශානි ඇස් අරින්නකො.අනේ ඔයාගෙ සුදු අයිය දිහා බලන්නකෝ".ඔහු කියන කිසිවක් ඇයට දැන් ඇසෙන්නෙ නෑ.
ඇයගෙ අතේ සුදු කොළ කැබැල්ලකි.ඔහු එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා.ඒ ඇයගේ මුතු අකුරුය.
"මගෙ ආදර සුදු අයියේ,
වරදක් වුනා නම් සමාවෙන්න මගෙ පණ.මම ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි.
මේ කලු කෙල්ලගෙන් අඩුවක් වුණාදෝ...
මම කවි ලියද්දී නුඹ මග හැරුණාදෝ...
නැත්නම් මා වෙනකෙකුගෙයි සිතුණාදෝ.
මට වැඩි ආදරයක් හෙම ලැබුණාදෝ...
මගේ පණ නුඹ විතරමයි...
මේ හිතත් නුඹෙ විතරමයි...
සිහිවෙන්නෙ නුඹෙ ඇස් දෙකයි...
නුඹ නැතිව මා ඔත්පලයි...
අපෙ මතක හරි සුන්දරයි...
හිත සොයන්නෙත් නුඹවමයි...
මගෙ ලොවේ හිරු නුඹ තමයි...
මගේ සිහිනය නුඹ තමයි...
තරහ නෑ මගෙ මැණික...
නුඹ ගියත් නොයමි මම...
හඹා එමි පසුපසම...
පවන සේ නුඹෙ ළගට...
නොකර අඩ දබර...
හිදින්නම් ආදරෙන්...
මගෙ මැණික අද ඉදන්...
ඉදිමු අපි ආදරෙන්...
මම ආයෙත් මගෙ මැණික එක්ක රණ්ඩු වෙන්නෙ නැතිව ඉන්නම්.අකමැති නම් කවි ලියන්නෙත් නැතිව ඉන්නම්.අපි අද ඉදන් ආදරෙන් සතුටින් ඉමු.මාව බ්ලැක් ලිස්ට් එකෙන් අයින් කරනව නේද මගෙ වස්තු?ආදරෙයිනෙ මගෙ පණ.මම දන්නව ඔයා කොච්චර නපුරු වුනත් ඔය හිත ගොඩක් හොදයි කියල."
රංග පිස්සෙකු මෙන් ශානිව බදාගෙන හඩයි.ඒත් දැන් ආපහු කවදාවත්ම ශානි ඇස් අරින්නෙ නෑ.රoගගෙ එක්ක රණ්ඩු වෙන්නවත් පිස්සු කතා කියන්නවත් රංග කනකල් නොකා බලන් ඉන්නවත් පාටි එකකට ගියාම බොන්න එපා මගෙ සුදු අයියෙ කියන්නවත් ශානි දැන් මේ ලෝකෙ නෑ.දැන් රංගට ආපහු බ්ලැක් ලිස්ට් දාන්න බ්ලොක් කරන්න ශානි මේ ලෝකෙ නෑ.
තමන්ට ගොඩක්ම ආදරේ කරන කෙනෙක්ට තමනුත් ගොඩක් ආදරෙයි නම් එයාව බ්ලොක් කරන්න බ්ලැක් ලිස්ට් දාන්න කලින් මොහොතක් සිතන්න.ඔයා එයාට රිද්දන්න එයාව බ්ලොක් කරන්නෙ දවස් දෙක තුනකට වෙන්න පුලුවන් ඒත් ඔයාට එයාව සදහටම අහිමි වෙන්න පුලුවන්.
..........................නිමි.........
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI