❤💕💞නොමියෙන අපි💞💕❤

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💕💞නොමියෙන අපි💞💕

"අනේ.....අතාරින්නකෝ....මට යන්න දෙන්න....."
"අනේ.....තව ටිකක් දොයියමු....තවම උදේ වෙලා නැ....."
"නැගිටින්න දෙන්න....නැත්තන් අද කඩෙන් කන්න වෙයි ඔන්න...."
"ආ....එක හොදයි....නැත්තන් මෙිකි උයන එවා කන්නත් බැ....."
"ආ.....එහෙමද.....ඉන්නවකො එහෙනම්....අද රෑට බඩගින්නෙම ඉන්නන මැට්ටා....."
"තරහ වෙලාද යන්න හදන්නෙ....ආ......කියනවකො මැට්ටි......"
"හම්ම්ම්ම්ම්......"
"එහෙම යන්න දෙන්න බැ.....මට කිස් එක දිලා යනව.....නැත්තන් තරහයි....."
ඒ තමා මගෙ මොඩ කොල්ල.....තනුර කාවින්ද....එයා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරේ.....මට එයාව හමිබුනෙ ප්‍රපොසල් එකකින්.මගෙ හිතේ තිබුන වගේම කෙනෙක් තමා මට හම්බුනේ......එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු....එයාට තව හිටියෙ නංගි කෙනෙක්.අපි දෙන්න මැරි කරාට පස්සෙ කොළඹ පදිංචියට ආවෙි එයාට වැඩට යන්න එන්න පහසු නිසාමයි......
ආ....තනුර ගැන කිවට මම කවුද කියන්න බැරි උනානෙ.මම තරුෂි නෙත්සරා.....මම නම් ජොබ් එකක් කරත් මැරි කරාට පස්සෙ තනුර කියපු නිසාම මම ජොබ් එකෙන් අයින් උනේ මම ජොබ් එකකට ගිහින් මහන්සි වෙනවට එයා පොඩ්ඩක්වත් කැමති නැති උන නිසාමයි.....අපි මැරි කරල දැන් මාස 4ක් විතර වෙනව.එ්ත් මෙි කම්මැලියගෙ කම්මැලි කම නම් තවම චුට්ටක් වත් අඩුවෙලා නෑ.......මම කාමරේට ගිහින් කටන් එක අයින් කරේ තනුර තවත් නිදාගෙන හිටියොත් එයාට වැඩට යන්න පරක්කු වෙන නිසාමයි.....
"මෙි තනුර....නැගිටින්න බබා....දැන් හොදටම එළිය වැටිල......"
"අම්ම්ම්ම්ම්....අනේ අම්මෙ තව චුට්ටක් නිදාගන්නම්....."
"අම්ම නෙවෙි මැට්ටො.....මම මෙි ඔයාගෙ වයිෆ්.....චතු.....හම්ම්ම්ම් ....හම්ම්ම්ම්.....නැගි⁣ටින්න බබා.....පස්සට ඉර එළිය වැටෙනකන් මෙි කම්මැලිය නිදනව....."
"අනේ....තව චුටිටයි.....එන්ඩ....එන්ඩ.....ඔයත් එන්ඩ දොයියගන්ඩ....."
එහෙම කියන ගමන් මුගෙ තියන කම්මැලි කමට අයින් කරල තිබුන බෙඩ්ශිට් එකත් පොරවගෙන මගෙ කොට්ටෙත් තුරුල් කරගෙන ඇදට ගහ ගහා නිදාගන්නමයි දගලන්නෙ.......එයාගෙ ඒ පුංචිම දෙයක් පවා මට මහලොකු සතුටක් ගෙනත් දුන්නෙ එයා මගෙ පලවෙනි ආදරෙ නිසාමයි......තවත් නිදාගත්තොත් එයාට පරක්කුවෙන නිසාම......
"බබා.....තනුර...මෙි 8.00වෙලාව.....යන්නැද්ද....."
එක අහපු ගමන් බය වෙලා ගැස්සිලා ඇහැරල ඇස් දෙකත් පොඩි කර කර කම්මැලියා වගෙ ඔරලොසුව දිහා බලල මගෙ ලගට ඇවිත් මගෙ කනෙන් අල්ලගෙන......
"මැට්ටි ඇයි මට බොරු කිවෙි.....ආ....තවම 6.00නෙ.....මට නිදන්න දෙන්නෙම නෑ මෙිකිනම්....."
"උෟයි....අවුවා....සිදෙනව අනෙව්....අතාලින්නකො......."
"බෑ.....මට බොරු කිවනෙ.....අතාරින්නෙම නැ....."
"ආපෝ.....කටෙි ගද....දත් මැදලත් නැ....කට හොදලත් නැ.....යනව ගිහින් දත්ටික මදිනව මැට්ට...."
"බොරු කියන්න එපා හරි....කට පිච්ච මල් සුවදයි....කෙල්ලො වගෙ නෙවෙ අපි දත් මදිනව....."
එහෙම කියන ගමන් ටවල් එකත් කරෙ දාගෙන එයා මුන හොදගන්න යන්න ගියපු නිසා මම ඉක්මනට කුස්සියට ගියෙ එයාගෙ බත් එක බැදල එයාට කිරි එකක් හදන්න ගියෙ නැත්තන් බඩගින්නෙම උදේට යන නිසයි....
**************************************************
කලු කලිසම ඇදල ලා නිල් පාට ෂට් එකට එයා ආසම තද නිල් පාට ටයි එකත් බැදගෙන පහලට බැස්සෙ මට කෑගහගෙනමයි....
"චතු.....බබා මම යනව...."
"ඉන්න චුට්ටක්....මෙි බත් එකත් අරන් කිරි එකත් බිලම යන්න....."
"එයාගෙ අතින් බත් එක තියල එයා කිරි එක බෛානකන් එයාගෙ ටයි එක හැදුවෙ පුරුද්දට වගෙ........හිස් කොප්පෙ මගෙ අතේ තියන ගමන් මගෙ ඔලුව අතගාල නලලට හාදුවකුත් දිලා...
"මම ගිහින් එන්නම් මැනික......පරිස්සමින් ඉන්න....."
"හම්ම්ම්ම්ම්ම්......බුදු සරණයි....පරිස්සමින් ගිහින් එන්න.....පුලුවන්නම් චුට්ටක් කලින් එන්න බලන්නකො....."
"හම්ම්ම්ම්ම්ම්ම්ම්......ඒ මොකද....."
"පොඩි වැඩකට.......ටවුන් එකට යන්නත් ඕන....එන්නකො ඔයා....."
"හම්ම්ම්ම්ම්.....හම්ම්ම්ම්ම්ම්......"
හැමදාම වගෙ ඔෆිස් එකට ගියපු ගමනුයි එයාට ෆ්‍රි ටයිම් එකක් හම්බුන ගමනුයි එයා මට කොල් කරන්න පුරුදු වෙලා හිටියා....ඒත් ම⁣ට තරහ ගියෙ එයාට මගෙ බත්ඩෙ එක හෙට කියන එක අමතක වෙලා තිබුන නිසයි.එයාට තියන වැඩ නිසා එයාට අමතක වෙන්න ඇති කියල හිත හදාගත්තෙ තනුර මට කිසිම දේකින් අඩුපාඩුවක් නොකරන නිසාමයි.......
**************************************************
දවල් එකත් පහු උනත් එයාගෙන් කොල් එකක් නැති නිසා මම ෆොන් එක අතේම තියාගෙන හිටියෙ කොයි වෙලෙ හරි එයාගෙන් කොල් එකක් එයි කියල තිබුන විස්වාසෙ නිසාමයි.....මතක් කර⁣නකොටම.....
"හෙලො......"
"හෙලෝ....තනුර...."
"ෆොන් එක අතේම තියාන ඉදල වගෙ....."
"ම්ම්ම්ම්ම්....නැ අනේ....ඔයාගෙන් කොල් එකක් එනකන් පාලුවෙ හිටියෙ...."
"කෑවද මැණික....."
"නෑ මහත්තයො....ඔයා කනකන් කන්නැ මම....."
"හම්ම්ම්ම්ම්......එහෙනම් කමුකො....."
"ආ.....මොකද අද කොල් කරන්න පරක්කු උනේ.....මාව අමතක උනාද...."
"අනේ නැ පැටියො.....අලුත් ප්‍රොග්‍රැම් වගයක් ආව ඩිසයින් කරන්න එකයි....."
"හමිම්ම්ම්ම්......හා...හා මහත්තයො......බුදු සරණයි....කාල ඉවර වෙලා කොල් එකක් ගන්නකො ආ...."
"ආ....හරි හරි පැටියො....බුදු සරණයි....."
කෑම කාල ඉවර වෙලා මට කොල් කරත් ඉස්සර වගෙ පැය ගනන් කතා නොකරෙ ආදරෙ අඩුවෙලා නම් නෙවෙ.එයා මාත් එක්ක කතා කර කර හිටියොත් එයාගෙ වැඩ වලට පරක්කු වෙන නිසා එතකොට එයා ගොඩක් මහන්සි වෙන නිසාත් මගෙ මහත්තය එච්චර දුක්විදගෙන වැඩ කරනව මට බලන් ඉන්න බැරි නිසාමයි මම අපේ කතාව විනාඩි 20කට විතර සිමා කරේ.......
**************************************************
හවස ඉක්මනට එන්නම් කිවත් හවස 4 ඉදන් මම ගැස්තිවෙලා බලාන හිටියෙ එයා ආවම ටවුන් එකට ගිහින් කේක් බඩු ටික අරන් ඇවිත් මගෙ අතින්ම හදපු කේක් එකකින් එයාට කේක් කෑල්ලක් කවන්න මට ලොකු ආසාවක් තිබුන නිසාමයි......ඒත් හවස 6.00 පහු උනත් ගෙදර ආවෙ නැති නිසා මම ටිකක් බය උනත් කොල් ගන්නත් බය උනේ එයා කාර් එක ඩ්‍රයිව් කරනවනම් එක කරදරයක් නිසාමයි...........එත් ඉවසල ඉවසල බැරිම තැන එයාට කොල් කරත් ⁣එයා ආන්ස කලේ නැ.....කොල් 50ක් 60ක් විතර ගත්තට පස්සෙ එයාම මට කොල් කරා.....මම බය වෙලා නිසා තරහ ගිහිනුයි හිටියෙ.....
"හෙලො බබා...."
"බබා තමා.....මොනවද කරන්නෙ තනුර...මම කොල් කියක් ගත්තද....."
"හරි හරි මැණික.....මම මෙි වැඩ ගොඩක ඉන්නෙ.......මම එන්න රෑ වෙයි.....ඔයා නිදාගන්න සුදු.....දොර ලොක් කරල යතුර ගන්න....මම ගාව එකක් තියනව....."
"ඔයා කන්නෙ කොහොමද.....මම උයන්නම්....ඔයා එනකන් නිදන්නැ මම.....කිය විතර වෙයිද...."
"වෙලාවක් කියන්න බෑ මැණික....ඔයා නිදාගන්න කාල....."
"හම්ම්ම්ම්ම්.....රෑ උනාකියල ඉක්මනට එන්න එපා....පරිස්සමින් හිමින් එන්න...."
"හරි....හරි මැණික බුදු සරණයි....."
මට එයත් එක්ක ලොකු තරහක් මුලින්ම ඇති උනෙ මගෙ බත්ඩෙි එක ගැන එයාට කිසිම ගානක් නොතිබ්බ එකයි.....පස්සෙ දුක හිතුනෙ එයා මෙි හැමදේම කරන්නෙ අපි වෙනුවෙන්නෙ....ඒ නිසා එයාට වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති කියලයි......
රෑ 9.00 උනත් එයා ආවෙ නැති නිසා මම කෑම ටිකත් උයල කෑම මෙිසෙ අස් කරල වාඩි වෙලා බලාන හිටියෙ එයා එනකන්......දන්නෙම නැතුව කෑම මෙිසේ උඩ නින්ද ගිහින් තිබුනත් මට ඇහැරුනේ එයාගෙන් ආව කොල් එක නිසයි.......
"මැණික....දැන් වැඩ ඉවර උනේ......මම ඉක්මනට එන්නම්....."
"අනේ පරිස්සමට එන්න තනුර....."
මම නිකමට වගෙ වෙලාව බලනකොට වෙලාව තිබුනෙ 11.15යි කියල.විනාඩි 30කින් විතර එන්න පුලුවන් නිසා මම ඉස්සරහට වෙලා බලාන හිටියෙ මගෙ මහත්තයා එනකන්........ඒත් පැයක් විතර ගියත් එයා අවෙ නැති නිසා මම ආයෙත් කොල් කරා......ඒත් ෆොන් එක අාන්ස කරෙ වෙන කෙනෙක්......
"හෙලො මිස් මහත්තය හොසිපිට්ල් එකට ගෙනියනව....එයාගෙ වාහනෙ හැප්පිලා මහත්තයට කරදරයක් නැ.....මිස් එන්ඩ පුලුවන්නම් හොස්පිට්ල් එකට....."
ඒ ඇහුන වචනත් එක්ක මම පිස්සියෙක් වගෙ හැසිරුනේ.....ඉක්මනට ඇදුමක් ඇදගෙන එහාගෙදර අක්කත් එක්ක එයාලගෙ වාහනේ හොස්පිට්ල් එකට ගියෙ තනුරව බලන්නයි.....මම යනකොටත් තනුර හිටියෙ මුලු ඇගෙම ලේ පෙරාගෙන අමාරුවෙන් හුස්ම ගන්න ගමන්.
"අනේ තනුර.....ඇස් අරින්නකො මහත්තයො.....තනුර....."
මම පිස්සියක් වගෙ මහ හයියෙන් කෑ ගැහනකොට හැමොම මන් දිහා කදුලු පිරුනු දැසින් බලාන හිටිය....ඒත් එක්කම තනුර අමාරුවෙන් වගෙ ඇස් ඇරල.......
"හැපි බත්ඩෙි මැණික......සොරි පරක්කු උනාට විෂ් කරන්න......⁣මට අමතක උනෙ නැ මැණික ඔයාව......"
"අනේහ්.....තැන්ක්යු මහත්තයෝ...."
එයා ⁣එහෙම කියන ගමන් අතේ මිට මොලවගෙන හිටපු චේන් එකක් මට දෙනවත් එක්කම එයාට කනෙක්ට් කරල තිබුන මැෂින් සේරම නැවතුනා.......
**************************************************
මම පිස්සියක් වගෙ හැමදාම මැරි මැරි ජිවත් උනා.....මලගෙදර අවසන් කටයුතුත් ඉවර වෙලා තුම්මාසයක් යනකන් අපෙ අම්මයි තාත්තයි වගේම තනුරගෙ අම්මයි තාත්තයිත් අපේ ගෙදර නැවතිල හිටියෙ මගෙ තනියට..........මට එයාල හිටිය කියල දැනුන පාලුවනම් අ⁣ඩු උනේම නෑ......හැමදාම එයාගෙ කොට්ටෙ තුරුල් කරගෙන නිදාගෙන හවසට එයාටත් එක්ක තේ හදල එයා එනකන් මග බලාන ඉදල එයා නැති නිසා තේ එක විසි කරත් මගෙ හිත ඇතුලෙ එයා ජිවත් උනා.....කාලයක් ගියාම තනුරගෙ අම්ම තාත්ත වගේම මගෙ අම්ම තාත්තත් මට කිවෙි.....
"දුවෙි....තවම කල වයසත් තියන එකේ වෙන කසාදයක් කරගන්ඩ....අපේ අකමැත්තක් නැ......"
කවුරු කොහොම කිවත් තනුරට මගෙ ජිවිතෙ වෙන්කරපු ඉඩ මට වෙන කෙනෙකුට දෙන්න තරම් හයියක් තිබුනෙම නෑ.....අපේ අම්ම මට හැම වෙලේම බල කරත් වෙන කෙනෙක් බදින්න කියල මම විස්වාස කරේ තනුර මගෙ ලග ඉන්නව කියලයි.තනුරගෙ අවුරුද්දෙ දානෙ දවසෙ තනුරගෙ සෙහොනට සුදුමල් මිටක් අරන් ගිහින් තියල ඉටිපන්දම් පත්තු කරල තනුර ලගට වෙලා පැයක් විතර ඉදල එන්න ආවත් ඒ ආවෙි සිහියකින් නෙවෙි....තනුර නැති උන දවසෙ ඉදල මම ජිවත් උනේ පිස්සියක් වගෙ......ඒ එනකොට තමා ඉස්සරහින් ආව කන්ටෙිනර් එකක කාර් එක හැප්පුනේ........
මුලින්ම ලොකු වෙිදනාවක් දැනුනත් විනාකිපයකින් අමුතුම සැහැල්ලුවක් එක්ක පාවෙලා යනව වගෙ දැනුනා........කට්ටිය වටවෙලා හිටියත් මම ඉස්සරහට ඇවිදගෙන යනකොට....කෙවුදො මගෙ අතින් ඇල්ලුව.....
"⁣කොහෙද යන්නෙ......මම මෙතන...."
"දෙයියනේ තනුර ඔයා....."
"ඔව් මැණික.....ඒත් ඇයි මෙහෙම අසිහියෙන් ගියෙ....."
"මට ඔයා නැතුව බෑ තනුර.....මම පිස්සියක් වගෙ හිටියෙ...."
"මම දැක්ක මගෙ පන....හැමදාම රෑට මම ඔයා ලගට ඇවිත් ඔයාගෙ ඔලුව අතගැව...කතා කරා....ඒත් ඔයාට ඇහුන්නැ මාව....."
"දැන් ඇහෙනවනෙ......අපි දෙන්නම දැන් එක ලගනෙ ආයෙත්....ඊලග ආත්මෙදිවත් අපට සතුටින් ඉන්න ලැබෙන්න කියල අපි පින් කරමු තනුර....."
"හැම ඉපනෙද ආත්මෙකම ඔයා මගෙම වයිෆ්ම වෙන්න......"
"හම්ම්ම්....පොරොන්දු වෙනව....සත්තයි....ආ⁣දරෙයි මහත්තයො....."
"මාත් ආදරෙයි මැණික....."

#සැබැ ආදරේ මරණයකින්වත් කෙලවර වෙන්නැ.....සංසාරයෙ පුරාම පතාගෙන එන ආදරයක් තමා සැබෑ ආදරේ කියන්නෙ......ඒ සංසාර බැදිම කිසිම කෙනෙකුටවත් කොහොමටවත් වෙන්කරන්න බැ....#
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI