හදවත

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"දනුකයා දොර ඇරපන්." "කවුද බන් මහ රෑ..වද දෙන්නෙ?"
"මං ජොලා බං.ඉක්මනට දොර ඇරපන්."
"ආ ඉදපං එනකන්.මොකද යකෝ මෙච්චර රෑ වෙලා.මොකක්ද අවුල??"
"අපිට බොස් එන්න කිව්ව බං මොකක්ද වැඩක් තියනව කිව්වා."
"මට මේක දැන් ඇති වෙලා බං.රැයක් දවාලක් තියෙනවද?මේ මගුලෙන් ගැලවෙන්න බැරිද?"
"ගැලවෙන්න නම් අපි මැරෙන්න ඕනෙ බං.මේ රස්සාවට බැදුනම විශ්‍රාම යෑමක් නෑ."
"ශිට්....මොකක්ද දන්නෑ වැඩේ.?"
"එහෙම කිව්වෙ නෑ.එන්න කියලා විතරයි කිව්වෙ"
"හා යමං එහෙනම්."
මං දනුක.දනුක විතරයි .වාසගමක් දෙන්න අම්මෙක් තාත්තෙක් හිටියෙ නෑ.මහ පාරෙ දාලා ගිහින් තියෙද්දි මාව ලමා නිවාසෙකට බාර අරගෙන.මට යමක් කමක් තේරෙනකොට මං එහෙන් පැනලා ආවා.එතකොට වයස 10යි. කන්න නැතුව හිගා කද්දි මාව බලාගන්නම් කියලා මාව මෙහාට එක්කන් ආවා.ආවට පස්සෙ උන් කිව්වෙ නිකන් කන්න අදින්න දෙන්නෙ නෑ.ඒවට හරියන්න වැඩ කරන්න ඕනෙ කියලා.වැඩ කිව්වට නිකන් වැඩ නෙවෙයි.කුඩු බෙදන 1,කසිප්පු පෙරන 1,මං කොල්ලකෑම්,පැහැරගැනීම්,කොටින්ම අන්තිමට මිනී මරන තැනට එනකන් මාව පත් කරේ මුන්.පොඩි කාලෙ නම් කන්න අදින්න දෙන හින්දා මං ඒවට එකග උනේ.පස්සෙ පස්සෙ මේකෙන් මට ගැලවෙන්න බැරි උනා.අන්තිමට මාත් පාතාලෙ ලොකු කොටස් කාරයෙක් උනා.මේ හැම ගේමක්ම පස්සෙ හිටියෙ අපේ බොස්..සරත්...සරත් කිව්වට කවුරුත් දන්නෙ නෑ.කුඩු සරා...එහෙම තමා හැමෝම කිව්වෙ.බොස් ලග පොඩි කාලෙ ඉදලම අපි දෙන්න වැඩ කරපු නිසා ජොලයි මායි බොස්ගෙ අත් 2 වගේ.මට දැන් අවුරුදු 27ක්.සෑහෙන්න කාලයක් අපේ ජීවිත නාස්ති කරගෙන.පොඩි පොඩි වැඩ වලට නම් ඕනෙ තරම් මිනිස්සු ඉන්න්වා.ඒත් ලොකු ගේමක් සෙට් උනොත් කෙලින්ම බාර දෙන්නෙ අපි දෙන්නට.දැනුත් එන්න කියන්න ඇත්තෙ ඒ වගේ දේකට වෙන්නැති.
"මේ කොහෙද බං බයික් 1 නැවැත්තුවෙ"
"මෙතෙන්ට තමා බං බොස් අපිට එන්න කිව්වෙ.යමං ඇතුලට."
"හරි යං"
"ආ දෙන්නා ආවද?ඉදගමුකෝ එහෙනම්"
"මොකක්ද කෙරෙන්න ඕනෙ බොස්?"
මං එහෙම ඇහුවම මිනිහා සිගරට් එකක් පත්තු කර ගත්තා
"මේකයි.දෙන්නම හොදට අහගන්න.තමුන්ලා දෙන්නම දන්නව ඇතිනෙ W&K කම්පැනි එක."
"ඔව් කියන්න බොස්"
"ඒකෙ අයිතිකාරයගෙ ලොකු දුව,ඒ කියන්නෙ සිතුමි කන්නංගරව උස්සන්නයි තියෙන්නෙ.අද කෙල්ල යාලුවෙකුගෙ ගෙදර පාටි එකකට ඇවිත් ඉන්නෙ.පාන්දර වෙයි ඉවර වෙද්දි.ඔයාලා දැන්ම පිටත් වෙන්න.කෙල්ලගෙ වාහනේ ෆලෝ කරලා කෙල්ලව ගන්න."
ඔහොම ගොඩක් උපදෙස් දුන්නා.මේ රස්සාව කරාට කිසිම නිදහසක් නෑ.හැම වෙලේම හැම වෙලේම හැංගි හැංගි ජීවත් වෙන්න ඕනෙ.පොලීසියෙන් විතරක් නෙවෙයි අපි පස්සෙන් එන්නෙ.අපි වගේම අනික් උනුත් අපිව මරන්න එනවා.කොයි වෙලේ මැරෙයිද කියලා කාටවත් කියන්න බෑ.
පාන්දර 1 වෙද්දි අපි තැනට ගියා.ටිකකින් කෙල්ලගෙ වාහනේ ආවා.ඩ්‍රයිවරුයි,කෙල්ලයි විතරයි වාහනේ හිටියෙ.වැඩේ තවත් ලේසියි.අපි වාහනේ ෆලෝ කරලා ඉස්සරහින් නැවැත්තුවා.ඩ්‍රයිවර්ට තුවක්කුව දික් කරාම කෙල්ල කෑ ගහගෙන දොරත් ඇරගෙන එලියට පැන්නා.ඒත් කවුරුත් උදව්වට ආවෙ නෑ.අපේ උන් පැනලා කෙල්ලව අල්ලගෙන කටයි ,අතුයි බැදලා වෑන් එකට දාගත්තා.කෙල්ල හොදටම බය වෙලාද කොහෙද?කදුලු ඉවරයක් නැතුව ගලනවා.කට බැදලා නිසා අඩන සද්දයක් නෙවෙයි ඇහෙන්නෙ මුමුනන සද්දයක්.පව් ඉතින් මොනව කරන්නද?මගෙත් කිසි කැමැත්තක් නෑ මේවට.ඒත් දැන් හුරු වෙලා ගානක් නෑ.ටික වෙලාවක් යද්දි කෙල්ලට සිහි නැති උනා.ඒකත් හොදයි.අපේ පොට් එකට ආවා.කෙල්ලව කාමරේකට දාලා වැහුවා.අත් කකුල් ගැට ගහලා.බොසුත් ඇවිත් බලලා අපි දෙන්නට අතට ගානකුත් දීලා ගියා.කෙල්ලව උස්සලා තියෙන්නෙ කප්පමකට.කෝටි 2ක්.එදා එලි වෙනකන් නින්දක් නෑ.කෙල්ල හිටපු කාමරේ දොර ගාව පුටුවක ඉදගෙන තමා රෑ ගෙව්වෙ.එලි වෙලත් සද්දයක් නැති හින්ද මං දොර ඇරගෙන ඇතුලට ගියා.කෙල්ලට තාම සිහිය ඇවිල්ලා නෑ.මොකක් හරි අවුලක්.මං අත අල්ලලා බැලුවා.මැරිලනම් නෑ.කට බැදලා නිසාද දන්නෑ කියලා මට හිතුනා.මං වතුර එකකුත් අරගෙන ආවා.කටට බැදලා තිබුන ලේන්සුව ගැලෙව්වා.
හම්මෝ...මේ තරම් ලස්සන කෙල්ලෙක් මං කවදාවත් දැකලා නෑ.අපිටත් හැගීම් දැනීම් තියනවා කියලා තේරුනේ එවලේ තමයි.මොකද මේ රස්සාවත් එක්ක ඒවට පොඩි ඉඩක්වත් නෑ.කෙල්ලෙක් ගැන අමුතු විදිහෙ දෙයක් දැනුන පලවෙනි වතාව මේක.
"මොකෝ උබ භාවනා කරනවද මූන දිහා බලාගෙන?"
ජොලා එනවවත් මට ඇහුනෙ නෑ.ඒ මූන දිහා කොච්චර වෙලාවක් බලං හිටියද මංදා.
"නෑ බං.මේකිට තාම සිහිය ඇවිත් නෑ.ඒකයි පොඩ්ඩක් බැලුවෙ"
මං එහෙම කියලා මූනට වතුර ටිකක් ඉස්සා.එතකොටම කෙල්ලට සිහිය ආවා.සිහිය ආවට පස්සෙ අපේ මූනු දිහා බලලා.හයියෙන් කෑ ගහන්න ගත්තා.මං අයෙත් කට බැන්දා.පව්...අත්,කකුල්,කට සේරම බැදලා.ඒත් කරන්න දෙයක් නෑ.ආයෙත් දොර වහලා අපි එලියට ආවා.
"දනුකයා අපි කෙල්ලගෙ ගෙදරට කෝල් කරා."
"ඉතින් මොකද ගෙදර අය කියන්නෙ?"
"මේකි ගෙදර එකියක් නෙවෙයි ගානට බං උන් කතා කරේ"
"ඒ කියන්නෙ උන් ගානට කැමති නැද්ද?"
"නෑ.බං උන් ඕනෑවට එපාවට කතා කරේ.අනේ මංදා බලමුකෝ"
"සල්ලි වලට වඩා දුව වටිනවනෙ.අනිවා උන් ගානට කැමති වෙයි."
"උබ යමං.ගිහින් ටිකක් නිදා ගනින්.මන් මෙතෙන්ට කාව හරි දාන්නම්"
"ඒක නම් හොදයි බං.මං ගියා එහෙනම්"
වෙනදට නම් කාව හරි උස්සන් ආපුහම ගානක්වත් නැතුව මගෙ වැඩ ටික කරනවා.ඒත් කවදාකවත් නැතුව අද හිතට ලොකු අවුල්ක් දැනෙනවා.ඒක අනුකම්පාවක් වගේ දෙයක්.ඒත් අපි කෙල්ලව මරන්න ගෙනාවෙ නෑනෙ.එහෙම හිතල මං ලග තිබ්බ බූරු ඇදක පොඩ්ඩක් නිදා ගත්තා.හොදටම නින්ද ගියා.ඇහැරෙද්දි දවල් 2ට විතර ඇති.මං ටැප් එකෙන් මූන කට ටිකක් හෝදගෙන කෑම එකකුත් අරගෙන ගියා මේසයක් ලගට.ඊයෙ රෑට කාපු ගමන් තාම.කන්න කියල බත් පත අතට ගද්දිම මතක් උනේ කෙල්ලව.ඒකිට කන්න දුන්නද දන්නෑ.මං කාමරේ පැත්තට යද්දි ඇහුනෙ අපේ එකෙක් කෑ ගහන සද්දයක්.
"කාපිය.කෑම එක.උබට රජ බොජුන් දෙන්නෙ නෑ මෙහෙ.අපි කියන විදිහට හිටියෙ නැත්නම් කපලා දානවා ඇලට..."
මට උපරිමේට මල...ගියා කාමරේ ඇතුලට..
"මොකක්ද බොල තෝ කිව්වෙ.යකෝ කන්න දෙන්නෙ සත්තුන්ට නෙවෙයි.මනුස්සයෙක් මේ.පලයන් යන්න මෙතනින් එලියට."
"සමාවෙන්න දනුක අයියෙ"
ඌ එහෙම කියලා කාමරෙන් එලියට ගියා.කෙල්ල හොදටම අඩලා.මං දිහා බොහොම අහිංසක විදිහට බලාගෙන ඉන්නවා.ඒ වෙද්දි අත් 2යි කටයි ලෙහල තිබ්බෙ කන්න දෙන වෙලාව නිසා.
"අනේ මට යන්න දෙන්න.මං කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි.ඔයාලට වැරදීමක් වෙලා ඇති"
කෙල්ල අත් 2 එකතු කරගෙන එහෙම කියද්දි මට full අවුල්.ඒත් මං පිටට ඒක පෙන්නුවෙ නෑ.මේ ජොබ් එකේදි හදවත පැත්තක තියලා මොලේ විතරයි අපි පාවිච්චි කරන්නෙ.ඒත් මේ කෙල්ල දැකපු වෙලේ ඉදන් මගෙ හිතට හෙනම අවුල්.
"මෙහෙමයි මිස් අපිට ඔයාට කරදරයක් කරන්න ඕනෙ නෑ.ඒ වගේම අපිට ඔයාව මෙහෙ තියාගන්න උවමනාවකුත් නෑ.ඉක්මනට යවන්න තමා ඕනේ.හැබැයි ඒ තීරනේ තියෙන්නෙ ඔයාගෙ තාත්තගෙ අතේ.එයා අපේ ඩීල් 1ට එකග උන ගමන්.අපි ඔයාව ගෙනාපු විදිහටම ගේ ගාවින්ම ගිහින් බස්සනවා.ඒත් මිස් ඔයා අපි ගාව ඉන්නකොට අපි කියන විදිහටයි වැඩ කරන්න ඕනෙ.දැන් ඔය කෑම 1 කන්න.නැත්නම් අසනීප වෙයි."
මං බත් පිගාන අරගෙන අතට දුන්නා.වතුර එකත් ලං කරා.කෙල්ල ඒත් මොකුත් නොකියා මගෙ මූන දිහා බලන් ඉන්නවා.
"මගෙ මූන දිහා බලාගෙන ඉන්න නැතුව බත් 1 කන්න.මං වගේ අනික් අය ඔයාව හුරතල් කරන්නෙ නෑ.හා හා ඉක්මන් කරමු."
ඊට පස්සෙ කෙල්ල බත් පිගානම හිස් කලා.වතුර එකත් බීවට පස්සෙ තමා මං කෙල්ලට ලං වෙලා ලනුව අතට ගත්තා.
"අනේ plz මාව ගැට ගහන්න එපා.මං කරදර නොකර ඉදගෙන ඉන්නම්."
"එහෙම බෑ.මෙතන ඔයාට ඕනෙ විදිහට නෙවෙයි වැඩ වෙන්නෙ."
මං එහෙම කියලා කෙල්ලගෙ අත් අරගෙන පිටිපස්සෙන් එකතු කරා.එතකොට තමා මං දැක්කෙ.ඒ අත් හොදටම රතු වෙලා.ඊයෙ ඉදන් ගැට ගහලනෙ තිබ්බෙ.ලනු පාර කිරි සුදු අත් 2 දිගේ ලස්සනට හිටලා.මටත් අවුල්.මං ආයෙ ලනු පොටත් අරගෙන පැත්තකට උනා.
"හොදයි එහෙනම් දගලන්නෙ නැතුව ඔය පුටුවට වෙලා ඉදගෙන ඉන්න."
මං එහෙම කියලා දොරත් වහගෙන කාමරෙන් එලියට ආවා.එතන එලියෙ ජොලා හිටගෙන හිටියා.ඌ මට එලියට කතා කරා.
"දනුක මං බලාගෙන හිටියෙ.උබේ හිතේ ඒ කෙල්ල ගැන මොකක් තිබ්බත් අපිට ඕවා හරියන්නෙ නෑ.උබ ඒක මට වඩා හොදට දන්නවනෙ."
"පිස්සුද යකෝ.උබ මොනවද කියවන්නෙ.මං ඒකිට කන්න කිව්වා විතරයි යකෝ.අනික සැපට හැදුනුඑවුන්නෙ බං බය වෙලා ඉන්නෙ ඒකි හොදටම"
"හරි හරි එහෙනම් අවුලක් නෑ.මං ආවෙ උබට එන්න කියන්න .එහා පැත්තෙ බොස් ඇවිත් ඉන්නවා. අපිව හම්බෙන්න ඇවිල්ලා.යකා නැගලා ඉන්නෙ බං පොරට"
"ඇයි බං?අපි අතින් අවුලක් උනේ නෑනේ"
"නෑ නෑ.වෙන අවුලක්.යමුකො බලන්න"

"ඇයි බොස් අපිට එන්න කිව්වෙ"
"බලපං දනුක.අරූ මහ අමුතු එකෙක්නෙ?"
"කවුද?"
"අර කුදලං ආපු එකීගෙ තාත්තා"
"ඇයි බොස් පොර අපේ ඩීල් එකට කැමති නැද්ද?"
"ඌ කියනවා කෝටි 2ක් දෙන්න බෑලු.කෙල්ලව එව්වෙ නැති උනාට කමක් නෑලු."
"මූ මොන වගේ තාත්තෙක්ද යකෝ...දුවට වඩා සල්ලි වටින එවුනුත් ඉන්නවනෙ."
"ඒකනෙ දනුක මොනා කරන්නද කියලා මට හිතාගන්න බෑ.අපි හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයිනෙ උනේ.අම්මපා ඕකා සල්ලි දුන්නෙ නැත්නම් මං ඕකවත් මරලා කෙල්ලවත් මරනවා"
එහෙම කිව්වෙ බොස්
"කලබල වෙන්න එපා බොස්.අපි තව ටිකක් බලමුකෝ"
එහෙම කිව්වෙ ජොලා.
"හරි උබලා යමල්ලා දැන්.මං හෙට තීරනයක් ගන්නවා"
අපි එලියට ආවා.
"පුදුම තාත්තලනෙ බං මුන්.මං හිතන් හිටියෙ අපි කරන වැඩ තමා ජරාම වැඩ කියලා.ඒත් බලපන්කෝ මුන් අපිට අන්තයි"
මං එහෙම කිව්වෙ ජොලත් එක්ක.හවස් වෙද්දි මං ඉන්න බෝඩිමට ආවා.බෝඩිමට කුලිය ගෙව්වට මේකෙ ඉන්නෙ දවසින් පොඩි වෙලාවයි.හැම මාස 2කටම පාරක් අපි ඉන්න බෝඩිම මාරු කරනවා.ඒ අපේ ආරක්ශාවට.ජොලයි මායි ඉන්නෙත් බෝඩිම් 2ක.රෑ වෙනකන්ම ඇදට වෙලා කල්පනා කලා.හෙට කෙල්ලගෙ තාත්තා සල්ලි දුන්නෙ නැත්නම් හෙට අනිවාර්යයෙන් කෙල්ලව මරනවා.ඒ අපේ බොස්ගෙ හැටි.ඒක කරන පලවෙනි වතාව නෙවෙයි මේ.කලින් ඔහොම කී දෙනෙක් මරන්න ඇද්ද?කෙල්ලගෙ තාත්තා සල්ලි දුන්නොත් හොදයි.එතකොට සේරම ප්‍රශ්න විසදෙයි.මං බයික් එකත් අරගෙන ආයෙත් කෙල්ල ඉදපු තැනට ගියා.දොර මුර කරන්න හිටිය කොල්ලගෙන් මං ඇහුවා කෙල්ලට කොහොමද කියලා.
"කෙල්ලගෙ කට ලෙහුවා කියලා බොස් ඇවිත් බැන්නා අයියෙ.ඒක හින්දා අත් කකුල් ආයෙ බැන්දා.හවස ඉදන් ඒකි කට බැන්දට කෑ ගහන්න හදනවා.ඒත් අපි ලෙහුවෙ නෑ"
බොස් කිසි හිතක් පපුවක් නැති එකෙක්.මං හිතින්ම ඌට බැන බැන දොරත් ඇරගෙන ඇතුලට ගියා.බොස් නැති වෙලාවට මායි ජොලයි තමයි මෙහෙ වැඩ බලන්නෙ.ඒක හින්දා කවුරුත් අපිට ඉහලින් යන්නෙ නෑ.මං ඇතුලට යද්දි කෙල්ලගෙ අත් කකුල් කට සේරම බැදලා පැත්තක හිටියෙ.හෙලවෙන්නවත් බෑ.ඒකි මට මොනවද කියන්න දගලනවා.මං කට ලෙහුවා.
"අනේ කාමරේ සර්පයෙක් ඉන්නවා"
"මොකක් කොහෙද?"
"අර අයිනෙ තියෙන පෙට්ටිය අස්සට රින්ගුවා.යට ලීයෙ ඉදන් තමා කාමරේට වැටුනෙ"
ඒ කියපු 1 අහන් හිටපු එලියෙ හිටපු දෙන්නෙකුත් කාමරේ ඇතුලට ආවා.උන් පෙට්ටිය ඇද්දා.දෙවියනේ කරවලෙක්...කෑවනම් එතනමයි.මං අපේ උන්ට හොදටම බැන්නා.කෙල්ල හොදටම බය වෙලා හිටියෙ.මං ආයෙත් කෙල්ලගෙ ලනු ලෙහුවා.
"ආයෙ එකෙක් මිස්ට අත තියන්නෙ නෑ."
මං එහෙම කියද්දි කෙල්ල බොහොම අහිංසක විදිහට මං දිහා බලාගෙන හිටියා.කට්ටියම එලියට ගියා.මාත් එලියට යන්න හදද්දි කෙල්ල ඇවිත් මගෙ අතින් අල්ලගත්තා.
"ඇයි?මොකක්ද වෙන්න ඕනෙ මිස්?"
"මට එහෙනම් වැරදිලා නෑ.ඔයාම තමා ඒ කෙනා"
"මොන කෙනාද?"
"මං හැමදාම උදේට ඔෆිස් යද්දි ඔයාව දකිනවා"
"ඒ කොහෙන්ද?"
"පාරෙදි... ඔයා හැම හිගන්නෙකුට උදේට කෑම පාර්සල් බෙදනවා .මං දැකලා තියනවා.ඒත් මං හිතුවෙ නෑ ඔයාගෙ රස්සාව මේක කියලා.මං ගොඩක් ආසාවෙන් හිටියෙ ඔයත් එක්ක කතා කරන්න.කොච්චර සල්ලි තිබුනත් මං කවදාවත් ඔය වගේ පින් වැඩ කරලා නෑ.ඒත් ඇයි එච්චර හොද කෙනෙක් වෙලත් මේ වගේ වැඩ කරන්නෙ."
"මේව ඔයාට තේරෙන්නෙ නෑ මිස්.බත් පාර්සල් බෙදන 1 මං ගොඩක් කාලෙක ඉදන් කරන්නෙ.පව් ඒ අහින්සක මිනිස්සු 1 වේලක් හරි කාලා ඉන්නවනෙ."
"ඇයි මෙහෙම උනේ ඔයාට?"
"ඒක දිග කතාවක්.අනික ඔයාට මොකටද ඒක."
"මට දැන ගන්න ඕනෙ.මෙච්චර හොද හදවතක් තියෙන මිනිහෙක් මේ වගේ දේවල් කරන්න පෙලඹුනේ කොහොමද කියලා."
ඇත්තටම මගෙ ජීවිත කතාව මුල ඉදන් දැනගෙන හිටියෙ ජොලයි.අපේ බොසුයි විතරයි.මගෙ හිත කීව මේ කෙල්ලට ඒ කතාව කියන්න කියලා.ඒක හින්දා මං කියලා දැම්මා.කෙල්ල ගොඩක් දුක් උනා.මං එහෙමම එලියට ආවා.ඇතුලෙ හිටිය වෙලාව වැඩියි.රෑ අපි දෙන්නට පොඩි වැඩකට යන්න උනා.එද්දි උදේ 6යි.අපේ ගොඩක් වැඩ රෑට තමා කෙරෙන්නෙ.එන ගමන් අපට බොස් හම්බෙන්න කිව්වා.ඔය එන්න කියන්න ඇත්තෙ කෙල්ල ගැන කියන්න තමා.එක්කො කෙල්ල යවන්න කියයි.නැත්නම් ඉතින්....
"මං උබලා දෙන්නටම තමා මේ වැඩේ දෙන්නෙත්.කෙල්ල ගෙනාවෙත් උබලමනෙ...අරූ අපේ කෝල් වලට උත්තර දෙන්නෙ නෑ.අද රෑට කෙල්ලව ඉවරයක් කරපල්ලා.එහෙම්මම ගිහින් ඒකිගෙ තාත්තවත් ඉවරයක් කරපල්ලා"
මගෙ හදවතට මොකක්ද උනා.ගැහෙන 1 නතර උනා වගේ.ඇයි කියලා තේරෙන්නෙ නෑ.මට බෑ ඒ අහිංසක කෙල්ලව මරන්න.ඒකි මොන වරදක් කලාටද?
"මොකද බං උබ මූඩ් අවුල් ගහලා.මං වෙන්න එපා කියලා හිතපු දේම උබට වෙලා බං"
වාහනේ යන ගමන් ජොලා මගෙන් ඇහුවා.
"ඒ මොකද්ද බං?"
"උබ අර කෙල්ලට කැමතියි නේද?"
"එහෙම එකක් නෑ බං.ඒත් මට ඒකිව මරන්න බෑ බං.පව් අහිංසකී."
"මං දන්නව බං.අපේ ජීවිතේදි හැගීම් වලට ඉඩක් නෑ බං.උබ අවුල් නොගෙන හිටහන්.එන විදිහක් බලමුකෝ."
"අනේ මංදා බං.මට නම් මේ වැඩ ඇති වෙලා.අර කඩේ ගාවින් නවත්තපන් බත් පාර්සල් ගන්න.අරුන් ටික බඩගින්නෙ ඇති."
"උබ මොනා උනත් හිත හොද මිනිහෙක් බං.අද සල්ලි මං දෙන්නම්"
"ආ හරි කැමැත්තක්"
අපි බත් පැකට් ටිකකුත් අරගෙන පාර අයිනෙ ඉන්න මිනිස්සුන්ට බෙදලා කෙල්ල හිටපු තැනට ගියා.ජොලා මාව දාලා උගෙ වැඩකට ගියා.
අදනම් කෙල්ලගෙ අත් බැදලා නෑ.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න මිස්"
"ඔයාලට සල්ලි ලැබෙන්නෙ නෑ"
"ඔයා කොහොමද එහෙම කියන්නෙ?"
"ඔයාල හිතන් ඉන්න විදිහෙ දෙයක් නෙවෙයි අපේ පවුල ඇතුලෙ වෙන්නෙ"
"ඒ කිව්වෙ"
"ඔයාල ඔය හිතන් ඉන්න කෙනා නෙවෙයි මගෙ තාත්තා.මගෙ තාත්තා මැරිලා.තාත්තගෙයි බාප්පගෙයි කම්පැනි එක තමා W&K කම්පැනි 1 තාත්තා මැරුනට පස්සෙ අම්මවයි මාවයි එයාලගෙ ගෙදරට ගත්තා.ඊට පස්සෙ අසනීප වෙලා මගෙ අම්මත් නැති උනා.කම්පැනි එකේ අපේ තාත්තිගෙ කොටස් මගෙ නමට හරවලයි තිබ්බෙ.මට අවුරුදු 18 වෙනකන් ඒවා කාටවත් හරවන්න බෑ.ඒක හින්දා බාප්පා මගෙ තාත්තා වගේ රටට පෙන්නලා මාව හොදට බලාගත්තා.18 පිරුන ගමන් මගෙ නමට තිබ්බ කොටස් සේරමයි,දේපලයි එයාගෙ නමට හරවගත්තා.මං හිතුවා ඉස්සරහටත් මාව හොදට බලාගනියි කියලා.ඒත් මං හිතපු දේ නෙවෙයි උනේ.පස්සෙ මං ඒ ගෙදර හිර කාරයෙක් උනා.පුන්චියි බාප්පයි මට නොදුන්න දුකක් නෑ.ඒත් පිටට පෙන්නුව ලොකු ආදරයක්.මොකද හැමෝම දැනගෙන හිටියෙ මං එයාගෙ දුව කියලා.මාව පවුලෙන් එලවන්න විදිහක් නැතුව හිටිය බාප්පට ඔයාලා මග පෑදුවා.දැන් එයාට මගෙ කරදරෙන් මිදෙන්න පුලුවන්."
"එහෙනම් ඒකයි මිනිහා අපිට සල්ලි දෙන්න බෑ කිව්වෙ"
"එයා එහෙම කිව්වද?එහෙනම් මගෙ ජීවිතේ අද හෙටම ඉවර වෙයි."
මට දරාගන්න බැරි දුකක් හිතට දැනුනා.අපි මේ කරන්න කොච්චර වැරදි වැඩක්ද කියලා.මේ වගේ කොච්චර අහිංසක මිනිස්සු අපි අතින් මැරුම් කන්න ඇත්ද?මං මොකුත්ම නොකියා කාමරෙන් එලියට ආවා.මගෙ ප්‍රාර්තනාව උනේ ඉක්මනට රෑ වෙන්න එපා කියන 1.බෝඩිමට ගිහින් කොච්චර කල්පනා කලත් කෙල්ලව බේර ගන්න විදිහක් මගෙ ඔලුවට ආවෙම නෑ.වැඩක් නෑ.මට කෙල්ලව බේර ගන්න බැරි නම් මං ජීවත් වෙන්නෙත් නෑ.හවස මං ආයෙත් ඒ මූන බලන්න ගියා.යන ගමන් මං කඩේකින් අරගෙන ගියපු වඩේ කොල්ලොන්ටත් දීලා.කෙල්ලටත් අරගෙන ගියා.
"වඩේ...මං කැමතිම කෑමක්"
"මං හිතුවෙ ලොකු උදවිය හින්දා කන්නෙ නැති වෙයි කියලා"
කෙල්ලගෙ මූනෙ ලස්සන හිනාවක් තිබුනා.අපි කෙල්ලව ගෙනාවට පස්සෙ මූනට පාටක් ඇවිත් තියෙන්නෙ දැන්.ඒ මූන කොච්චර අහිංසකද?අනේ දෙවියනේ මට නම් බෑ.මේ කෙල්ලව මරන්න.ඊට කලින් මං මැරෙනවා.
"පිස්සුද?ඉස්සර අපෙ අම්මා රසට වඩේ හදනවා.මායි තාත්තයි පොර කකා කන්නෙ.ඒව ඒ තරම් රසයි.ඔයා කාලද?"
"නෑ.මට එපා ඔයා කන්න"
"ආ ආ කන්න කන්න."
කෙල්ල බලෙන්ම වඩේ ගෙඩියක් මගෙ කටේ එබුවා.
මගෙ ඇග ඇතුලෙ හිටපු මනුස්සයව එලියට ගත්තෙ මේ කෙල්ල.කවදාවත් නැති සතුටක් මගෙ ඇග ඇතුලෙ නලියනවා.ඒත් ඒකට ආයුශ නෑ.
"මොනවද කල්පනා කරන්නෙ දනුක"
"මොකුත් නෑ.ඔයා කොහොමද මගෙ නම දන්නෙ"
"මට ඔයාගෙ ගෝලයෝ කියනව ඇහුනා."
"මං යන්නම්"
"එපා යන්න.තව ටිකක් වෙලා ඉන්න."
"ඇයි ඒ?"
"මට ගොඩක් පාලුයි.ඔයා විතරයි මෙතන මං ගැන හොයලා බලන්නෙ.මට තව කොච්චර කල් තියෙනවද ජීවත් වෙන්න"
"ඔයා මැරෙන්නෙ නෑ"
මං එහෙම කියලා එලියට ආවෙ තවත් ඒ මූන දිහා බලාගෙන ඉන්න බැරි නිසා.ඒ එද්දිම ජොලා කලබලෙන් දුවගෙන ආවා.
"මචං දනුක අපේ බොස්ව පොලිස්සියෙන් අල්ලගෙන."
"මොකක්?"
"ඔව් බං.මෙහාටත් එනවලු.අපි ඉක්මනට පැන ගන්න ඕනෙ."
ඒත් එක්කම වෙඩි සද්දයක් ඇහුනා.තව එකෙක් ඇවිත් කිව්වා මෙහාටත් පොලිසිය ඇවිල්ලා කියලා.
"දනුක උබ පැන ගනින්.මං පොලිසියව බලා ගන්නම්"
"බෑ.උබව දාලා යන්න බෑ.එකට හිටියනම් එකට මැරෙමු."
මං ඉනේ තිබ්බ තුවක්කුව ඇදලා ගත්තා.කාටවත් යටත් වෙන සිරිතක් අපි ලග නෑ.
වෙඩි සද්ද එකටම ඇහෙනවා.අපි දෙන්නත් ඒ පැත්තට ගියා.පොලිසියෙ කට්ටිය වැඩියි.අපිට උන් එක්ක හැප්පෙන්න බෑ.ඒත් එක්කම ජොලාටත් වෙඩි වැදුනා.මං දුවගෙන ගියා ඌ ලගට.
"මචං උබට මොකුත් වෙන්නෙ නෑ.කොහොම හරි මෙතනින් පැන ගමු."
"මට යන්න බෑ බං.මගෙ කාලෙ ඉවරයි.උබ කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ.උබට ඕන උන විදිහට ජීවත් වෙයං.ආයෙ පව් කරන්න එපා.අර කෙල්ල...මං දන්නව උබ ඒකිට කැමතියි කියලා...ඒකිවත් අරන් පලයං.දැන් පලයං පරක්කු වෙන්න කලින්."
එච්චරයි ඌට කියන්න හම්බුනේ.කවදාවත් අඩපු නැති මට ඇඩුනා.මගෙ 1ම යාලුවා මට නැති උනා.මං කෙලින්ම දිව්වා කෙල්ල හිටපු කාමරේ පැත්තට.ඒත් පරක්කු වැඩියි.ඒ වෙනකොට පොලීසියෙන් එතනට ඇවිත්.කරන්න දෙයක් නෑ.මං තාප්පෙන් පැනලා දිව්වා.පිටිපස්සෙන් පොලිසියෙ අය එලෙව්වත් මාව අල්ලගන්න බැරි උනා.බෝඩිමට යා ගන්නත් හෙන ගේමක් දුන්නා.ගෙනියන්න පුලුවන් බඩු ටික මල්ලකට දාගෙන මං බෝඩිමෙන් පිටවෙලා කෙලින්ම ගියෙ සැලුන් එකකට.අවුරුදු 3කින් විතර හරියට කපල නැති රැවුලයි,කොන්ඩෙයි කපා ගත්තා.පොලීසියට තියා මටවත් මාව හොයා ගන්න බැරි උනා.දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.මං බස් එකක නැගලා ටිකක් දුකට ආවා.එහෙ බෝඩිමක් හොයාගෙන නැවතුනා.මගෙ අතේ සල්ලි තිබුනා.දවස් ගනන් ගෙවිල ගියා.ඒත් හිතට කිසිම සැනසීමක් නෑ.හැම වෙලේම අර කෙල්ලව මතක් වෙනවා.ඒකි ආයෙත් අර අපායෙ දුක් විදිනවා ඇති.මට කෙල්ලව හම්බෙන්න ඕනෙ නිසාම මං ඒකිගෙ ගෙදරට ගියා.ඒ ටිකක් රෑ වෙලා.තාප්පෙන් පැනලා ගේ ලගට කිට්ටු වෙද්දි තමා ගෙදර ලොකු වලියක් කියල දැනුනෙ.
"පට්ට බැල්ලි.තෝ හිතුවද තෝ එක එකා එක්ක පැනලා ගිහින් උන් ලව්වා සල්ලි ඉල්ලපු ගමන් මං දීලා උබව ගෙදරට වඩම්මවයි කියලා.කරුමෙ මේකි මැරිලවත් යන්නෙ නෑනෙ මහ ගෑනි වගේ"
ඒ සිතුමිගෙ බාප්පා.මං ජනේලෙන් සේරම බලාගෙන.කෙල්ලගෙ කම්මුල ඉදිමිලා ගහලම.ඉකි ගහ ගහ අඩනවා.මගෙ ඇතුලෙ හිටපු යකා ආයෙ එලියට ආවා.ඉනේ තිබ්බ පිස්ටල් එක අරගෙන දොර ලගට ආවා.දොර බාගෙට වැහිල තිබුනෙ.සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරගෙන මූනෙ බැද ගත්තා.දොරත් ඇරගෙන මං ඇතුලට පැන්නා.මගෙ ඉවසීම ඉවර වෙලා තිබුනෙ.අරූගෙ ඔලුවටම වෙඩිල්ලක් තිබ්බා.ගෙදර කවුරුවත් පේන්න හිටියෙ නෑ.සිතුමි අඩන 1 නවත්තලා මං දිහා බලාගෙන ඉන්නවා.
"යමු මාත් එක්ක"
මං එහෙම කිව්වම කෙල්ල බය උනා.මං තුවක්කුව දික් කරා.
"කිව්වම අහලා යමු."
එතකොටම කෙල්ල නැගිටලා මං ගාවට ආවා.
ගෙදර ඉස්සරහ බයික් 1ක් තිබුනා.අපි ඒකෙන් ටික දුරක් ගිහින් බස් හෝල්ට් එකක් ගාවට ගියා.කෙල්ල තාමත් හොදටම බය වෙලා.
ඒ වෙලාවෙ තමා මං ලේන්සුව මූනෙන් ගැලෙව්වෙ.
"ඔ...ඔයා ක...කවුද?"
"මාව මතක නැද්ද?"
කෙල්ල කටහඩ අදුර ගත්තා.
"දනුක ඔයා..."
"ඔව් මං තමයි."
"දෙවියන්ට පින් සිද්ද වෙන්න.ඔයා බේරිලා"
"ඔව් මං විතරයි බේරුනේ."
"එතකොට මෙච්චර දුරක් ආවෙ මාව හොයාගෙනමද?
"ඔව්.මට ඔයාව ඔතනින් බේර ගන්නයි ඕන උනේ.මට ඔයාව රැජිනක් කරන්න නම් බැරි වෙයි.ඒත් හොදට බලා ගන්න පුලුවන්"
කෙල්ල මාව බදාගෙන හොදටම ඇඩුවා.
"අන්තිමට මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මට ලැබුනා.මං දැනගෙන හිටියා දනුක ඔයාගෙ ඔය ඇග ඇතුලෙ ලස්සන හදවතක් තියෙනවා කියලා"
"මේක ආයෙ අපිට ඕන වෙන්නෙ නෑ"
මං එහෙම කියලා ඉනේ තිබ්බ තුවක්කුව ඈතට විසි කලා.
කෙල්ලගෙ මූනෙ තිබ්බ හිනාවට මගෙ බඩ පිරුනා.
-------------------------------------------------
ඊලගට එන බස් එක මොකක් උනත් අපි ඒකෙ නැගලා දුරකට යනවා.ඒ කොහෙද කියල මං වත් දන්නෙ නෑ.හැබැයි මං 1 දෙයක් දන්නවා.ඒ ජීවිත කාලෙම මං කෙල්ලව හොදට බලාගනියි කියලා....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI